Lyrics...Kawruwath Na Matath
×
කවුරුවත් නෑ මටත් ඉන්නේ මං තනි වෙලා
යන්නේ නෑ පන මගේ ඉන්නවා ලග කියා
මින් මතූ මියෙන තෙක් ඉන්නවා කියූ නිසා
රත්තරන් ඔබට මං පැවරුවේ හිත ලියා
සඳ තරම් ලස්සනයී ආදරේ ඉස්තරම්
බොරුවලින් පෙම් කරන්නේ ටික කලයී රත්තරන්
සසර ජාතීත් පතන්නේ ඔබ තමයී මං හිතින්
එන්න ආයෙත් සොයා මං ඉන්නවා මග බලන්
කවදා හෝ මා යලිත් සිහි උනොත් නම් ඔයා
හඬනවා සත්තකයී ආදරේ සිහි වෙලා
මේ තරම් පෙම් කලත් හිත මගේ රිදවලා
ඔබ ගියා සමු අරන් ආදරේ නෑ කියා
පාළු අහසම බලන් මම හැඬූවත් හිතින්
ආය ඔබ එන්නේ නෑ නේද මගේ රත්තරන්
සිහින හැමදාම දැවටෙත්දී මේ ඇස් ලඟින්
සුවඳ තවරන්න පෙම් කරපු මතකය මැදින්
කවදා හෝ සිහි උනොත් ආයමත් ඔබට මා එන්නකෝ තරහා නෑ ඉන්නවා මග බලා
මේ තරම් පෙම් කලත් හිත මගේ රිදවලා
ඔබ ගියා සමු අරන් ආදරේ නෑ කියා
මින් මතූ මියෙන තෙක් ඉන්නවා කියූ නිසා
රත්තරන් ඔබට මං පැවරුවේ හිත ලියා