Lyrics...Robarose
×
මේ පෙම්වත් නගරේ
ඔබ හා ආගිය මගේ
නෑ අද පිපුණේ නෑ
මල් පෙති සැලී
නුඹ නැති සොවින්...
මා හද ඉකිබිඳි රෑයම ඇහැරීලා
වසන්තයේ මකරන්දෙක නැවතීලා...//
රොබරෝසියා සෙවනේ
අපි කී කතා ඇසුනා...
ජීවන උයනේ පෙම්මල් පරවීලා
ඔබ මා ගිය මග වැටුණු කඳුලු මිදිලා....//
රොබරෝසියා සෙවනේ
අපි කී කතා ඇසුනා...
පද : දේශෝදාර ලියනගේ
සංගීතය සහ ගායනය : රොවේන් අර්ල් පීරිස්